විදෙස් සේවකයෝ වැටුප කොවිඩ් අරමුදලට දෙයි!

නයිරෝබි හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිය අගෝස්තු මාසික වැටුප ශ්‍රී ලංකාවේ කෝවිඩ් වැලක්වීමේ අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අගෝස්තු මාසයේ වැටුප් කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරන ලෙස සියළුම කැබිනට් ඇමතිවරුන්ට කරන ලද යෝජනාවට ප්‍රතිචාරයක් ලෙස මෙම පරිත්‍යාගය කර ඇත.

 ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින කොවිඩ් -19 තත්ත්වය සහ වසංගතයට එරෙහිව සටන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය ගන්නා දැඩි උත්සාහය සැලකිල්ලට ගෙන මෙම තීරණාත්මක අවස්ථාවේදී සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා දූත කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.

 1,062 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply