පොස්පේට් නිධියෙන් කාබනික පොහොර නිපදවීම කඩිනම් කරනවා!

එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගෙන කාබනික පොහොර නිෂ්පාදනයට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙරට පොස්පරස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,25,000 – 1,75,000 අතර වන බව කී අලුත්ගමගේ මහතා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගෙන්නේ ඉතිහාසයේ පළමු වරට බවද කීය.

රටෙි අවශ්‍යතාව ඉටුකරගැනීමට හෝ වෙනත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙතෙක් එප්පාවල පොස්පේට් නිධිය කිසිදු ප්‍රයෝජනයකට ගෙන නැති බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෝකයේ පොස්පේට් නිධි තවත් වසර 40 කින් අවසන් බවට විවිධ පර්යේෂණ මගින් තොරතුරු හෙළිකර තිබෙන නමුත් එප්පාවල පොස්පේට් නිධිය තව වසර 200 ක් ප්‍රයෝජනයට ගතහැකි සුවිශාල ජාතික සම්පතක් බවද සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පොස්පේට් සමාගම, සින් ටෙක් ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පොස්පේට් නිධිය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ පොහොර මෙට්‍රික් ටොන් 50,000 ක් නිෂ්පාදනය කර ක්‍රමයෙන් එම ධාරිතාව ඉහළ දැමීමට තීරණය කොට තිබෙි.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (24) අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 863 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply