“මුහුදු ආහාර අපනයනයෙන් වාර්තාවක්” – ජුලි මාසයේ ඩොලර් මිලියන 40 ඉක්මවූ අපනයන අදායමක්!

මුහුදු ආහාර අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ පසුගිය ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 40.5ක් වටිනා මුහුදු ආහාර ශ්‍රී ලංකාව අපනයනය කිරීමෙනි.

මෙය මාසයක් තුළ ශ්‍රී ලංකාව මුහුදු ආහාර අපනයනයෙන් උපයාගත් වැඩිම විදේශ විනිමය ප්‍රමාණය වෙයි. එසේම මේ වන විට මුහුදු ආහාර අපනයනයේ කැපී පෙනන වර්ධනයක් පෙන්නුම් කරමින් පවතී.

පසුගිය ජුලි මස මුහුදු ආහාර අපනයන ආදායම වාර්තාගත අගයක් බවට පත්ව ඇතිබව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙළිකර තිබුනා. 2019 අප්‍රේල් මස  ඇමරිකන් ඩොලර් මිලියන 28 ක් පමණ වූ මෙරට මුහුදු ආහාර අපනයන ආදායම මේ වසරේ ජුලි වනවිට ඩොලර් මිලියන 40 ක වාර්තාගත අයඅගයකට පැමිණ ඇත.

අපනයන්ට දිරි දෙමින් අපනයනකරුවන් ගේ ගැටළු වලට නිසි පිලියම් යොදමින් රජය ගෙන යන වැඩපිලිවල හේතුවෙන් ඉදිරියේදී මෙරට මුහුදු අආහාර අපනයන ආදායම ඉතාම තීරණාත්මක අගයක් වෙත ලගාකිරීම රජයේ අරමුණයි. 2021 ජුලි මස මෙම මුහුදු ආහාර අපනයන ආදායම 2020 ට සාපේක්ෂව 119%ක වැඩිවීමකි.

මුහුදු ආහාර ලෙස වාර්තාගත අපනයන ආදායමක් ලබාගෙන ඇත්තේ ටූනා මසුන්, මත්ස්‍ය ෆිලට්, ඉස්සො, දැල්ලො යන ආහාර වරග වන අතර ඩොලර් අර්බුධයකට රටම මුහුණපා සිටින මෙවන් අවස්ථාවක ධීවර කර්මාන්තය අශ්‍රිතව ජාතික ආර්ථිකය ගොඩ ගන්නට ලැබෙන සහයෝගය රටටම ශක්තියක් වන අතර ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි අපනයන අදායම ඉහල දැමීම සඳහා රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ කැපවීම ධීවර ප්‍රජාව මෙන්ම අපනයන කරුවන්ගේ සහ වයාපරිකයින්ගේද පැසසුමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරක කාලය තුල මුහුඳු අහාර අපනයනය මගින් ලැබූ විදේශ විනිමය සම්බන්දයෙන් අපනයන සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා මහබැංකුව පලකල දත්ත පහතින්….

 523 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply