“අමෙරිකා යන කතා බොරු, අනේ අපිට සමාවෙන්න” – තුන්කට්ටුව ක්‍රිකට් ආයතනයට වැඳ වැටෙයි!

එංගලන්ත සංචාරය අතරතුරදී තමන් අතින් සිදුවූ වැරුද්දට සමාව දී මේ වනවිට පනවා ඇති දඩුවම් කාල සීමාව සහ දඩය ලිහිල් කරන ලෙස ඉල්ලමින් නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් විසින් ක්‍රිකට් ආයතනය වෙත ලිපි යොමු කොට ඇත.

මෙම ලිපිය මගින් තමන් අතින් සිදුවූ වැරැද්දට ඔවුන් තිදෙනාම සමාව ඉල්ලා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මේ වනවිට මෙම ක්‍රීඩකයන් තිදෙනා අමෙරිකාවේ ක්‍රීඩා කිරීමට යන බවට පළව ඇති මාධ්‍ය වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මෙම ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුව තවදුරටත් ලංකාවේ ක්‍රීඩා කිරීම බවද දැනගන්නට තිබේ.

 555 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply