නිරෝධායන ඇඳිරිනීතිය මැද මහපාරේ සිමෙන්ති විකුණයි!

සිමෙන්ති පිරවූ ලොරි රථයක් නාරම්මල බිහල්පොල මංසන්ධියේ මාර්ගයේ නතරකර සිමෙන්ති අලෙවි කළ සිද්ධියක් වාර්තා වේ.

අප වාර්තාකරු සඳහන් කළේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,300 වැනි මුදලකට එහිදී අලෙවි කර තිබූ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසියට දැනුම්දීමෙන් පසු එහි නිලධාරීන් පැමිණ සිමෙන්ති අලෙවි කළ පුද්ගලයාව සිය භාරයට ගෙන තිබුණි.

පසුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත භාරදී තිබේ.

 536 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply