ඇෆ්ගන් ක්‍රිකට් වල අවසානයද? ක්‍රිකට් පිටි තලෙයිබාන් යටතට යද්දී ක්‍රීඩකයින්ගෙන් අයාචනා!

තලේබාන් සටන් කාමීන් ඇෆ්ගන්ස්ථානයේ බලය අල්ලාගැනීමත් සමග ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වුයේ එරට ක්‍රිකට් කණ්ඩායම වෙතටයි. 2020 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අදාලව ඉහළින් සිටින කණ්ඩායම් අතරට එම කණ්ඩායම පැමිණ ඇති අතර ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් වලට අදාලව දක්ෂතා දක්වන ප්‍රබල ක්‍රීඩකයන් රැසක්ද කණ්ඩායම සතුය.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇෆ්ගනිස්ථානය තුළ පවතින සියලුම ක්‍රිකට් ක්‍රීඩාංගන මේ වන විට තලේබාන් ත්‍රස්තයින් සිය පාලනයට ගෙන ඇති බවයි.

ඇෆ්ගනිස්ථාන 2020 නායක සුපිරි ක්‍රීඩක රශීඩ් ඛාන් තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී සහ මුජිබර් අර් රහමාන් මේ වන චිට ක්‍රීකට් තරගාවලියකට සහභාගිවීම සඳහා එංගලන්තය බලා ගොස් තිබෙනවා.

රශීඩ් ඛාන්,මොහොමඩ් නබී සහ මුජිබර් ආර් රහමාන් යන තිදෙනා විදෙස් ගතව සිටියත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාම ඇෆ්ගනිස්ථානය තුළ සිර වී සිටින බව විදෙස් මාධ්‍ය අනාවරණය කළා.එමෙන්ම රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබී යන දෙදෙනා සිය රටට අත් වූ ඉරණම පිළිබඳ ශෝක ජනක අදහස් පළකොට තිබෙනවා.

තමන්ට අවැසි වන්නේ සාමය බවත් ඇෆ්ගනිස්තානය වෙත මෙවන් ඛේදජනක ඉරණමක් අත්වීමට ඉඩ ලබා නොදෙන ලෙසත් තමන් ලෝක නායකයින් වෙත ආයාචනා කරන බවත් රශීඩ් සහ නබි පවසා තිබෙනවා.

 1,243 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply