ධීවර හා මුහුඳු නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 215ක් උපයයි!

2020 වර්ෂය අවසන් වනවිට මෙරට ධීවර හා මුහුඳු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් පනිමින් ඩොලර් මිලියන 2015ක අපනයන ආදායමක් රටට ලබාදීමට එම ක්ෂේත්‍රයට හැකියාව ලැබී ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක ධීවර කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපෘති හරහා මෙම ජයග්‍රහණය රටට ලැබී ඇති අතර 2024 වර්ෂය වන විට ඩොලර් මිලියන 750ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට උපයාගැනීම සඳහා වැඩසටනක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

රටට විශාල ගැටලුවක්ව පවතින විදේශ විනිමය ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහාද මේ හරහා විශාල පිටුවහලක් ලැබෙන අතරම ධීවර කර්මාන්තය හා සම්බන්ධ ප්‍රජාවගේ ජන ජීවිතය නංවාලීම පිණිස මේ ගෙනයන වැඩපිළිවෙල ශක්තියක් වනු ඇත.

 876 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply