ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් යටතට!

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බලය සිය යටතට ගැනීමෙන් පසුව  තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සමස්තය බලයම තහවුරු කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සටන්කාමීන් විසින් ඇෆ්ගන් ජනාධිපති මන්දිරයද සිය යටතට ගත් අතර ජනාධිපති අෂ්රෆ් ඝානි රටින් පැනගොස් තිබේ.

 තලේබාන් කණ්ඩායමේ ප්‍රකාශකයෙකු අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ “යුද්ධය අවසන්” බවයි.

කාබුල් අගනුවර තලේබාන් සංවිධානය විසින් අල්ලා ගැනීමෙන් පසුව නගරය අවුල් ජාලාවක් බවට පත්ව තිබේ. කාබුල් වැසියන් හා විදේශිකයන් රටින් ඉවත්වීමට කටයුතු කරමින් සිටියි.

 මාස කිහිපයකට පෙර ආරම්භ වූ ඇෆ්ගන් යුද්ධය වේගවත් නිමාවක් වෙත ගෙන එමින් එරට භූමි වේගයෙන් සිය පාලනය යටතට ගැනීමට තලේබාන් සංවිධානය සමත්විය.

බොහෝ විදේශීය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමෙන් පසු සටන්කාමීන්ට සිය බලය අල්ලා ගැනීම පහසු විය.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 60 කට වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇෆ්ගන් ජනතාව “ආරක්‍ෂිතව හා සුරක්‍ෂිතව හා ගෞරවයෙන් ජීවත් වීමට සුදුසු” බවත් ආරක්ෂාව සහ සිවිල් සාමය වහාම ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් ය.

පිටව යාමට කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා අවසර දෙන ලෙසත්, පාරවල්, ගුවන් තොටුපල සහ දේශසීමා හරස් මාර්ග විවෘතව තබන ලෙසත් ඔවුන් තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියහ.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ තලේබාන් සංවිධානය ඇෆ්ගන් ජනපති මැදුරේ බලය තහවුරු කර ගැනීමයි..

 761 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply