හදි‍සියේ සිංගප්පූරුවේ සිට ගිලන් රථ ගුවන් යානයක් පැමිණියේ කා සඳහාද?

අද පෙරවරුවේ සිංගප්පූරුවේ සිට පැමිණි ගිලන් රථ ගුවන් යානයකින් මෙරට පදිංචි පුද්ගලයෙකු සිංගප්පූරුවේ රෝහලක් වෙත ගෙනගොස් තිබෙනවා. අදාල පුද්ගලයා කවරෙක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ නමුත් අපවෙත වාර්තා වන්නේ ඉහළ පෙළේ ප්‍රභූවරයෙකු සඳහා මෙම ගිලන් රථ ගුවන් යානය පැමිණ ඇති බවයි.

මේ දිනවල කොවිඩ් වසංගතය රටපුරා ව්‍යාප්ත වී ඇති අතර මැති ඇමතිවරුන් කිහිප‍ දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දිනවල වාර්තා විය.

එහෙත් සිංගප්පූරුව වෙත කිසිදු කොවිඩ් ආසාදිතයෙකු ඇතුළු කර නොගන්නා නිසා අදාල පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු විය නොහැකිය.

සිංගප්පූරුවට ගෙනගියේ මංගලද ?

හිටපු මුදල් හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද මේ වනවිට කොවිඩ් අසාදිතව ප්‍රතිකාර ලබමින් සිටී. USAID ප්‍රධානී සමන්තා පවර් මහත්මියගේ මැදිහත්වීම මත සමරවීර මහතා රැගෙන යාමට අදාල ගිලන් රථ ගුවන් යානය පැමිණ ඇති බවටද වාර්තා වේ. එහෙත් සිංගප්පූරුවට ආසාදිත පුද්ගලයන් ඇතුළු වීම තහනම් කර ඇති නිසා සමරවීර මහතා රැගෙන යාමට පැමිණියා විය නොහැකිය.

මංගල සමරවීර මහතාට සමීප ආරංචි මාර්ග පවසන්නේ මේ වනවිටත් ඔහු ලංකා හොස්පිට්ල්හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න……

www.lankanewsweb.net

 3,196 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1

Leave a Reply