ගතවූ මාස කිහිපයේදී ඉස්සන් මෙට්‍රික් ටොන් 5000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරයි!

මෙම වසරේ ගතවූ මාස කිහිපයේදී වාර්තා ගත ලෙස ඉස්සන් අස්වැන්නක් විදෙස් වෙළෙදපොලට යැවිමට හැකිවූ බව ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා.

1980 දශකයේ ඉතා සුළුවෙන් ආරම්භ කළ ඉස්සන් වගා කිරීමේ ව්‍යාපාරය මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රචලිත වී තිබෙනවා. කලපු ආශ්‍රිතව සකස් කළ පොකුණුවල ඉස්සන් වගාව සාර්ථකව සිදුවනවා. මාස තුනක් පමණ කාලයක් තුලදී අස්වනු නෙලා ගැනීමට හැකිවීම විශේෂත්වයක්. වසරකට ඉස්සන් මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සීයක් පමණ අපනයනය කෙරෙනවා. මෙම වසරේ මේ වන විට මෙට්‍රික් ටොන් 5000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ හෙක්ටාර 1737ක මෙවර ඉස්සන් වගා කර තිබෙනවා. මෙට්‍රික් ටොන් හයදහස් දෙසිය හතලිස් හයක අස්වැන්නක් අපේක්ෂා කරන බවයි ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ.

 1,777 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply