පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වැනිදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.
ඒ අද දින (22) හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂිදීමට සවන්දීම සඳහා පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්ථාවේ දීය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිහිපයක් අසා සිටියත් ඔහු නිහඬව කොමිසම පිහිටි භූමියෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.



