රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට කළ යුත්තේ කුමක්ද ?

රටේ ආර්ථිකය ස්ථාවරකර ගැනීම  සඳහා “ණය නොවන මුදල් ගලාඒම” පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මුදල් ප්‍රාග්ධන, වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව පවසා ඇත්තේ CNBC නාලිකාව සමග  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ උපයෝගී නොකළ වත්කම් හරහා මුදල් ඉපැයීම පිළිබඳ අවධානය යොමුකරන බවය.

“ලංකාවේ ආසන්නම දත්ත වාර්තාවලට අනුව අපේ විදේශ සංචිත ආරක්ෂා කරගැනීමට සහ අපට තිබෙන ගෙවීම් සඳහා මෙරට ආනයනයට සීමා පැනවීමේ තීන්දු තීරණ පවා ගත්තා. සංචාරකයින් මෙරටට නොපැමිණීමත් සමග අපි යම් අභියෝගවලට සහ අපහසුතාවලට මුහුණ දුන්නා. නමුත් එයත් සමග අපි ක්‍රියාත්මක කළ ආර්ථික සැලසුම් හරහා අපිට පුළුවන් වුණා ඒ ගෙවීම් සිදුකරන්න. එමගින් ණය ගෙවීමට හැකි රටක් ලෙස අපි ලෝකයට පෙන්වා දී තිබෙනවා.” 

“දැනටමත් අපි බංගලාදේශය සහ ඉන්දියාව සමග SWAP පහසුකම යටතේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත විශේෂ අයිතිවාසිකම් ප්‍රදානය වන ඇ.ඩො. මිලියන 800 ලබාගන්න සුදානම්. ඒ වගේම ලංකාවේ අවම වශයෙන් මූල්‍ය උත්පාදනය කරන වත්කම්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අපිට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් සොයා ගත හැකියි. මේවා ණය නොවන ආදායම් ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්. ඒ වගේම අපි අපනයනය වර්ධනය කරන්නත් දැඩි උනන්දුවක් දක්වනවා. අපනයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන ගමන් මැණික් සහ ප්‍රේෂණ මුදල් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.”

 688 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply