මල්වර මඟුලට ගිය 50ක් නිරෝධායනයට!

නිරෝධායන නීති නොතකමින් පැවති මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (14) පියවරගෙන තිබේ.

එම මල්වර උත්සවය නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක සංවිධානය කර ඇත.

එම උත්සවයට සහභාගී වූවන් ඔවුන් පදිංචි නිවාසවලම එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා සඳහන් කළේය.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබී තිබූ තොරතුරකට අනුව අදාළ නිවස වෙත නිලධාරීන් ගොස් ඇති අතර එම අවස්ථාවේදී අදාළ උත්සවය පැවැත්වෙමින් තිබී ඇත.

නොර්වුඩ් ප්‍රදේශයේ මේ වනවිට කොවිඩ් -19 අසාදිතයන් විශාල පිරිසක් හඳුනාගෙන ඇති බැවින් මෙවැනි උත්සව සංවිධානය කිරීම අවදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙයි.

 680 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply