තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය සහ ඩයලොග් එක්ව තාරුණ්‍යය බලගන්වන Youth Can අරඹයි!

ශ‍්‍රී ලාංකික තාරුණ්‍යයට තම කුසලතා ඔප් නැංවීමට මඟ පෙන්වීම හා සහයෝගය ලබාදීම අරමුණකර ගනිමින්, අන්තර්ජාතික තරුණ දිනයට සමගාමීව ඩයලොග් ආසිආටා සමාගම විසින් තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය සමගින් එක්ව ඩයලොග් වැඩසටහන දියත් කරන ලදී.

මෙම වැඩසටන තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව සමගින් එක්ව, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව, ශ‍්‍රී ලංකාවේ සැඟවුණු කුසලතා සෙවීමට කටයුතු කරනු ඇති අතර , මෙමගින් සුවිශේෂී හැකියාවන් සහිත තරුණ තරුණියන් කැමති ක්ෂේත්‍රයන්හි, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම තුන් අවුරුදු වැඩසටහන වයස අවුරුදු 14-45 අතර වයස් සීමාව තුළ සිටින තරුණ තරුණියන්ගේ හැකියා සහ දක්ෂතා ක‍්‍රීඩා, නව ව්‍යාපාර අදහස්, ශිල්ප කලා, මෝස්තර නිර්මාණකරණය, සූපවේදය සහ කෙටි චිත‍්‍රපට යන අංශ 6 ක් ඔස්සේ තරගකාරීව එළිදැක්වීම කෙරෙහි අවධානය යොමු කෙරේ. තෝරාගත් අයදුම්කරුවන් සඳහා වැඩමුළු, අදාළ මෙවලම් හා පුහුණුව ලබා දී, දැනුමින් සහ හැකියාවෙන බලගැන්වීමත් සිදුවනු ඇත. ජාතික තරුණ සේවා සභාව, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය සහ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පත්කළ එ් එ් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්ගෙන් තේරීම් කමිටුව සමන්විත වනු ඇති අතර, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ තේරීම් සිදුවනු ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලබාගැනීම සහ අයදුම්පත් යොමු කිරීම www.youthcan.lk වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකිය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය අත්වැල් බැදගැනීම පිළිබඳව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ‘තරුණ සුබසාධනය, තරුණ සහභාගීත්වය ඉතා වැදගත් ලෙස දකිමින් අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ඉදිරිපත්වීම පිළිබඳව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ඩයලොග් ආයතනයට ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නා අතර, මෙම හවුල්කාරිත්වය තුළින් අප තරුණ තරුණියන්ට තම හැකියාවන් එළිදැක්වීමට වේදිකාවක් සක‍්‍රීය කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ ලංකාවෙන් බිහිවන අනාගත ගෝලීය තරුණ නායකයින් සඳහා මෙය තුලින් විශාල පිටිවහලක් සැපයීමට අපට හැකියාව ලැබෙනු ඇත’ යනුවෙනි.

 727 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply