හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා සුරේෂ් සලේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට දේශපාලන බලපෑම් තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

සුරේෂ් සලේ මහතා පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිටි යුධ හමුදා බුද්ධි ප්‍රධානියාය.

ඒ අනුව සුරේෂ් සලේ මහතාව එම තනතුරේ ඉවත් කිරීමට හේතු වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ තිබුණු හිතවත්කමය.

බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළ පසු මැලේසියාවේ Defence Strategy Councillor ලෙස කටයුතු කිරීමට දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

”සුරේෂ් සලේ මහතා ඉතාමත් දක්ෂ බුද්ධි නිලධාරියෙක්. ඔහුට සෑමවිටම විනිවිද බැලීමේ හැකියාවක් තිබෙනවා. වැඩිපුර කතා කරන්නේ නැහැ. කල්පනා කරමින් සිට වචනයක් දෙකක් කතා කරනවා. ඒ වචන කිහිපයේ ඉතා විශාල වටිනාමකමක් තිබෙනවා වගේම ඔහුට විවිධ රටවල් සමග බුද්ධි සබතා තිබුණා. ඒ වගේම ඔහුට හොඳ බුද්ධි නෙට්වර්ක් එකක් තිබුණා. ඒ මහතා හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කළ අයෙක්. ඔහුට ඉස්ලාම් අන්තවාදය ගැන හොඳ දැනුමක් තිබුණා. වටිනා යෝජනා ඉදිරිපත් කර තිබුණා. ඔහු එවූ සෑම වාර්තාවක්ම ලිඛිතව ක්‍රමානුකූලව ඉදිරිපත් කළා” යනුවෙන් හෙට්ටිආරච්චි මහතා කොමිසම හමුවේ සඳහන් කරන ලදී.

කොමිසම විසින් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ බව කියා සිටියේ.

එම නියෝගය ලබා දුන්නේ කවුරුන්ද යන්න කොමිසම හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එය සුදුසුද යන්නයි.

ඒ සම්බන්ධයෙන් පැවසීම අපහසු බව හෙට්ටිආරච්චි මහතා පැවසූ හෙයින් කොමිසම කියා සිටියේ කියන්න අපහසු නම් ලියා දෙන ලෙසයි. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා දීර්ඝ හුස්මක් ගැනීමෙන් අනතුරුව ලිඛිත සටහනක් කොමිසම වෙත භාරදුන්නේය.

www.lankanewsweb.net

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here