ලංකාවේ දෙවන විශාලතම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයත් විවෘත්ත කරයි!

ශ්‍රී ලංකාවේ ඉදිකරනු ලැබූ දෙවන විශාලතම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයවූ ඇල්පිටිය ඉගල්කන්ද ප්‍රදේශයේ ඉදිකළ කොවිඩ් අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්‍ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ආරම්භ කරනු ලැබීය.

ඇදන් හයක දැඩිසත්කාර ඒකකය සමග ඇදන් 400 කින් යුත් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ අනුග්‍රගයෙන් ඇල්පිටිය ප්‍රාදේශිය සභාව මගින් ලක්ෂ එකසිය හැත්තෑවක් වැයකර තිබේ.

මේ අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ ,දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග,61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධමීෂ හේවගේ යන මහත්වරු ඇතුලු යුදහමුදාවේ නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මෙහිදී කතාකළ රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාස දෙකහමාරක කාලය මේ රටේ තීරණාත්මක කාලපරිච්ජේදයක් වන බවත්,මේ වනවිට මිලියන 11 කට කොරෝනා එන්නත් පළමු මාත්‍රාව ලබාදී ඇති බවත්,මිලියන 3 කට දෙවන මාත්‍රාව ලබාදී ඇති බවත්,එන්නත් මාත්‍රා මිලියන 20 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇතිබවත්,ඉදිරි මාස එකහමාර තුල දිවයිනේ පදිංචි මිලියන 11 කට සම්පූර්ණයෙන් එන්නත් දෙවන මාත්‍රාවත් ලබා දී අවසන් කරන බවත්ය.

 988 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply