අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න!

නාවික හමුදාව අද (12) දිනයේ කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාරය අසල එන්නත්කරණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හෝ දෙවන මාත්‍රාව එහිදී ලබාගත හැකිය.

කොළඹ නගරයේ පදිංචි මෙතෙක් කිසිදු එන්නතක් ලබානොගත් අවුරුදු 30ට වැඩි තැනැත්තන්ට මෝදර මිහිජය සෙවණ, රන්දිය උයන ප්‍රජා ශාලාවේදී ද පොලීසිය විසින් එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහිදී අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ එන්නත් ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

ඒ සඳහා කොළඹ මහනගර සභාව ද සහයෝගය දක්වයි.

මේ අතර විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (12) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

බස්නාහිර පළාත තුළ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා මෙය ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව පැවසීය.

ඒ අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භවීමට නියමිතය.

යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළුව විශේෂ ජංගම රථ 10ක් මේ සඳහා සූදානම් කර තිබේ.

මෙම ජංගම එන්නත්කරණය සිදුකර ගැනීමට අවශ්‍ය මහජනතාව 011 -2 860 002 හෝ 1906 යන දුරකථන අංක අමතා ලියාපදිංචිවීමෙන් එන්නත්කරණය සිදුකර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

එමෙන්ම යුද හමුදාව විසින් කොළඹ, යාපනය, ගම්පහ, බදුල්ල, කිළිනොච්චිය, අනුරාධපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවල එන්නත්කරණ මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යෑමට නියමිතය.

මේ අතර කොළඹ මහනගර සභාව ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගමන් කළ නොහැකි තැනැත්තන්ට mobilevaccination@colombo.mc.gov.lk  විද්‍යුත් ලිපිනය වෙත ඒ සඳහා තොරතුරු ලබාදිය හැකිය.

 621 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply