“පාස්කු චුදිතයින්ට නඩු දාන්න විශේෂ මහාධිකරණයක්” – අධිචෝදනා පත්‍ර භාර දීම මේ මාසය ඇතුලත!

පාස්කු ප්‍රහාරය පිළිබද නඩු විමසුමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පත්කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් නීතිපතිවරයා ඉල්ලා ඇති බවත්, චූදිතයන් 25 දෙනෙකුට චෝදනා 23,370ක් යටතේ නඩු පැවරීමට හැකියාව ඇතැයි නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇති බවත් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා සඳහන් කරයි.

අගරදගුරු  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වෙත යොමු කල පිළිතුරු ලිපියක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කරමින් හරිගුප්ත රෝහණධීර මහතා මේ බව සඳහන් කළේය.

පාස්කු  ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන්ට මේ මස ඇතුළත නඩු පවරා අධි චෝදනා පත්‍ර භාරදීමට හැකියාව ඇති බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇතැයි හරිගුප්ත රෝහණධීර මහතා යොමු කළ ලිපියේ සඳහන් කර තිබෙන අතර 
කාදිනල් හිමිපාණන්, ජනාධිපතිතුමා වෙත යොමු කළ ලිපියට පිළිතුරු යොමු කරමින් හරිගුප්ත රෝහණධීර මහතා මේ බව දැනුම් දී ඇත.

පාස්කු ප්‍රහාරය සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂන කොමීෂන් සභාවේ අවසන් වාර්තාව පෙබරවාරි 01 දින ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණ. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්සන කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනු කමිටුවක් පත් කරනු ලැබීය. පසුව එහි නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බව රෝහණධීර මහතා සිය ලිපියෙන් අගරදගුරුතුමා වෙත දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරය සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව, ඊට අදාළ සාක්ෂි සටහන් සහ රහසිගත සාක්ෂි සටහන් 2021 පෙබරවාරි 24 වන දින නීතිපතිවරයා වෙත භාර දී ඇති අතර. ඒ අනුව නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරියක වන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් නීතිඥවරු 15 දෙනෙක්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් ඇතුළු 30 දෙනෙකුගේ
කණ්ඩායමක් පකර සිටිති.

ප්‍රහාරය පිටුපස සිටි ක්‍රියාකාරීන් සොයා බැලීමට සහ එයට වගකිවයුතු පුද්ගලයන් සොයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමාගේ විධානය සහ උපදෙස් මත මේ වන විට පියවර රාශියක් ගෙන ඇත. ප්‍රහාරයෙන් මිය ගිය සහ ආබාධිත තත්වයට පත් වූ ජනතාචට සාධාරණය ඉටු කිරීම සඳහා ප්‍රමුඛත්වයෙහිලා ක්‍රියාකරන බව ද හරිගුප්ත රෝහණධීර මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් දන්වා සිටි.

 773 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply