ලාෆ්ස් ගෑස් සිලින්ඩරය ලිට්‍රෝ සිලින්ඩරයට මාරු කරන්න අවසර!

ලාෆ්ස් හිස් ගෑස් සිලින්ඩරයකට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මාරු කිරිමට හැකි බවත් ඒ සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමට තමා උපදෙස් ලබාදුන් බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (අගෝස්තු 9) දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

වෙළෙඳපොළෙහි ගෑස් අර්බුදයක් ඇතිවේ ද යන්න මතු වූ කාරණයට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇති බව ද වාර්තා වේ.

ගෑස් සිලින්ඩරයේ අයිතිය පාරිභෝගිකයා සතු බවත් එම නිසා ගෑස් සිලින්ඩර මාරු කිරීමේදී නීතිමය ගැටලුවක් පැන නොනගින බවත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙන බව ද වාර්තා වේ.

ලාෆ්ස් හිස් ගෑස් සිලින්ඩරයක් ලබාදී ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ලබාගත හැකි වුව ද ලාෆ්ස් හිස් ගෑස් සිලින්ඩර්වලට ලිට්‍රෝ ගෑස් පිරවිය නොහැකි බවට ද මෙහිදී ප්‍රකාශ වී තිබේ.

ලාෆ්ස් ගෑස් යළි මෙරටට ගෙන්වූ පසුව අදාළ සිලින්ඩර්වලට අදාළ ගෙවීම් සිදුකොට එම ලාෆ්ස් හිස් ගෑස් සිලින්ඩර් ලාෆ්ස් ගෑස් සමාගමට ලබාගත හැකි බවට ද කැබිනට් මණ්ඩල රැස්වීමේදී වාර්තා වේ. 

මේ අතර, කිරිපිටි මිල වැඩි නොකිරීමට සහ වෙළෙඳපොළෙහි කිරිපිටි හිඟයක් ඇති නොවීම සඳහා ආනයනික කිරිපිටිවලට පනවා ඇති බදුවල යම් සංශෝධනයක් ඇති කිරීම සඳහා කැබිනට් අනුමැතිය ඊයේ (අගෝස්තු 9) දින සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලැබී ඇති බව වාර්තා වේ.

වෙළෙඳපොළෙහි ඇතිවී තිබෙන කිරිපිටි හිඟය පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති අතර මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ද මේ ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකොට ඇති බව ද වාර්තා වේ.

කිරිපිටි මිල වැඩි නොකිරීමට සහ වෙළෙඳපොළෙහි කිරිපිටි හිඟයක් ඇති නොවීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කර ඇති අතර අවසානයේදී කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත්තේ ආනයනික කිරිපිටි සඳහා පනවා තිබෙන බදුවල යම් සංශෝධනයක් සිදුකිරීමටයි.

මේ අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් මෙම බදු සංශෝධනය සිදුකිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් Zoom  ඔස්සේ ඊයේ සවස මෙම කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.

 785 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply