ප්‍රයෝජනයට නොගත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 05ක් ඉවත්කරගනී!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ අරමුදලින් ඉදිකර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාරදුන් ප්‍රයෝජනයට නොගත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක් ඉවත්කරගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ පැවසීය.

මෙම කොවිඩ් මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්‍ෂයේ ව්‍යාපෘතියක් යැයි කී කාරියවසම් මහතා මෙරට කිසිම දේශපාලන පක්‍ෂයක් එම පක්‍ෂයේ අරමුදල් යොදා මෙවැනි සත්කාරයක් රටට සහ ජනතාවට පරිත්‍යාග කර නොමැති බව සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 20 ක් එම පක්‍ෂයේ වියදමින් නිර්මාණය කර සියලු උපකරණ, ඇදන්, කබඩ්, අල්මාරි, රෝදපුටු සහ මදුරු දැල් මේ ආදි සියලු දේ සමඟ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පරිත්‍යාගය කළ බවත් එයින් මධ්‍යස්ථාන පහක් භාවිතයට ගෙන නොමැති බව වාර්තා වීමෙන් පසුව ඒවා අවශ්‍ය ස්ථානවල ස්ථාපනය කිරීම සඳහා ඉවත්කරගත් බවත් මන්ත්‍රීවරයා කීය.

මිලියන ගණනින් මුදල් වියදම් කරමින් ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉවත්කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බත්තරමුලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (09) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“එම කොරෝනා එකක ස්ථාපිත කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. අපේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාළාත් පාලන මන්ත්‍රීවරු 3300 ක් පමණ ඉන්නවා. ඒ වගේම අපේ පක්‍ෂයේ සාමාජිකයන් ලක්‍ෂ 40 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මන්ත්‍රීවරුන් මාසිකව ගෙවන දීමනාව, සාමාජිකයන් රුපියල් 20 බැගින් වාර්ෂික ගෙන සාමාජික මුදල් සහ අපේ පක්‍ෂයේ පසුගිය වසර හතරක් තුළ එකතු වූ අරමුදල් යොදවලා අපේ පක්‍ෂයි මේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කළේ.

පිඹුර ප්‍රදේශයේ ඇදන් 50 ක, ඒ වගේම පානදුර, මුල්ලේරියාවේ ඇදන් 250 ක ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, මාතර කොටපොළ සහ අම්බලන්ගොඩ ඇදන් 50 බැගින් වන මධ්‍යස්ථාන දෙකක් ඇතුළු මධ්‍යස්ථාන පහක් භාවිතයට නොගෙන තිබුණු නිසා වෙනත් අවශ්‍ය ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා ගැලෙව්වා. මේ වන විට කඩුවෙල, නවගමුව. කහවත්ත, මිනුවන්ගොඩ, මීරිගම, කොස්ගම, මාතලේ, වතුපිටිවල සහ රිකිල්ලගස්කඩ වගේ ස්ථානවල ඉතාම සාර්ථකව අපි ඉදිකළ මධ්‍යස්ථාන පාවිච්චි කරනවා. ගලවපු මධ්‍යස්ථානයක් මේ වන විට දඹුල්ලේ ස්ථාපිත කරමින් තිබෙනවා. මේ ආකාරයට අවශ්‍ය වන වෙනත් තැන්වලට ඒවා ලබාදෙනවා”

 581 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply