පොහොට්ටුවෙන් ඉදිකළ පිඹුර කොවිඩ් වාට්ටුවට මොකද වුනේ ? [VIDEO]

පිඹුර රෝහලේ තාවකාලිකව ඉදිකළ කොව්ඩ් වාට්ටුව මාස තුනක් තිස්සේ භාවිතයට නොගත් නිසා තාවකාලික ඉවත් කළ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

රෝහල් බලධාරින් සමග සාකච්ජා කර මෙම ක්‍රියාමාර්ගය ගත් බවත්  ඒ පිළිබඳව වැරදි අදහසක් ප්‍රචාරය වෙමින් තිබෙන බවත් ඔහු පැවැසීය.

පිඹුර රෝහලේ මෙම තාවකාලික කොවිඩ් වාට්ටුව සකස් කළ තාවකාලික ගොඩනැගිල්ල ඉවත් කර තිබූ අතර ඇඳන් එම ස්ථානයේම තබා තිබේ. මෙය සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු වූ පුවතක්විය.

“තුන්වෙනි කොවිඩ් රැල්ල මතුවෙමින් පවතින අවස්ථාවෙම අපට පෙනුනා කළුතර දිස්ත්‍රික්කයේ ඇඳන් ධාරිතාව පිළිබ`ද ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙයි කියලා. එනිසා ඇ`දන් ධාරිතාව සංඛ්‍යාත්මකව වැඩිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා.

පළමුවැන්න තමයි ඉංගිරිය රෝහලේ ස්ථාපිත කළේ. ගොඩනැගිල්ල තිබුණා පහසුකම් ටික විතරයි මා විසින් සම්පාදනය කළේ. නාගොඩ මහ රෝහලටත් එවැනිම පහසුකම් සහිත කොව්ඩ් වාට්ටුවක් හදලා දුන්නා. පානදුර කේතුමතී රෝහලටත් එවැනිම වාට්ටුවක් මම හදලා දුන්නා.

මෙහෙම හදපු කොව්ඞ් වාට්ටුවලින් නාගොඩ රෝහලේ හදපු තාවකාලික කොව්ඩ් වාට්ටුව පාවිචිචියට ගත්තා . දැන් මේ වාට්ටු හදලා මාස 3කට  ආසන්න කාලයක් ගතවෙලත් පානදුර සහ පිඹුර රෝහල්වල තාවකාලික කොව්ඩ් වාට්ටුව භාවිතයට අරගෙන තිබුණෙ නැහැ.

ඒ අනුව රෝහල් බලධාරීන් සමග සාකච්ජා කරලා අවශ්‍ය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිම සඳහා අපි එක`ගතාවයකට ආවා. ඒ අනුව මෙම වාට්ටු සංකීර්ණ ඉදිකළ තාවකාලික හට්එක ඉවත් කරලා ඒ ඇතුළත තිබුණ සියලුම බඩු භාණ්ඩ ඒ රෝහල වෙතම පරිත්‍යාග කළා. පිඹුර රෝහලට ඇඳන් 40ක වාට්ටුවක් හැදුවේ. ඒකෙ තිබුණ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි මදුරු දැල් මේස පුටු කබඩ් ඇතුළු සියලු සම්පත් රෝහල වෙත භාර දුන්නා.

ඒ භාණ්ඩ සියල්ල රෝහල් බලධාරින් විධිමත්ව ගබඩා කරන්න ඇති. නමුත් ඇඳන් ගබඩා කරන්න ලොකු ඉඩක් ඕනෙ නිසා ඒ අය එළියෙ ස්ථානයක තාවකාලිකව තියලා තිබිලා. මේ අවස්ථාව ජායාරූපයකට අරගෙන තමයි අනවබෝධයෙන් වැරදි ප්‍රචාරයක් ගිහින් තිබුණේ. ඒ හැර මෙතැන කිසිඳු අකටයුත්තක් සිදුව නැහැ. ඒ හැර මා ඉතා වගකීමෙන් කියනවා ආණ්ඩුවේ ශත පහක්වත් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් භාවිතා කළේ නැහැ.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

 943 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply