“ඉරාජ් වගේ ගවුම් අඳින්නත් ඕනම පිරිමියෙකුට අයිතිය තිබිය යුතුයි” – මංගලගෙන් ඉරාජ්ට ප්‍රහාරයක්!

Spread the love

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකුට (transgender – සිය පුද්ගලික අනන්‍යතාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය උපතෙන් ලද ලිංගිකත්වයට වඩා වෙනස් පුද්ගලයෙකු) එක්තරා සමාජ ශාලාවකට ඇතුළු වීමට ඉඩ නොදීම සම්බන්ධ පුවතක් අප ඊයේ වාර්තා කළා.

ලිංගිකත්වය මත පදනම්ව එසේ ඉඩ නොදීමට පැහැදිලි හේතුවක් එම ආරක්ෂක නිලධාරියාට ඉදිරිපත් කිරීමටද හැකිවූයේ නෑ. එම පුවත පහළින්.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාජ් වීරරත්න විසින් පළ කර තිබූ ට්විටර් සටහනක දැක්වුනේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට ඇති අයිතිය එම සංක්‍රාන්ති ලිංගික පුද්ගලයාටත් හිමිවිය යුතු බවයි.

ඊට පිළිතුරු සටහනක් තබමින් මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටින්නේ ඉරාජ් හට ගවුම් ඇඳීමට ඇති අයිතියද අනෙක් පිරිමින්ටත් හිමිවිය යුතු බවයි. එම ට්විටර් සටහන් පහතින්.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *