පසුගියදිනවල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුයේ රට පුරා වන රක්ෂිත එලි පෙහෙළි කිරීම් සහ පරිසරය විනාශ වන අයුරින් සිදුවන විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් පිලිබඳවය. මේ පිළිබඳව අද දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් විෂයභාර අමාත්‍යවරයා විසින් සඳහන් කලේ වාර්තා වන සිදුවීම් 100%ක් නිවැරදි නොවන බවත් ස්ථාන කිහිපයක සිදුවූ හුදෙකලා සිද්ධීන් කිහිපයක් මහා විනාශයන් ලෙස ජනතාව නොමග යවමින් සමාජ ජාල මාධ්‍ය උපයෝගී කරගෙන ප්‍රචාරය වන බවයි.

මේ ප්‍රචාරක ව්‍යාපාරය පැහැදිලිවම දේශපාලකයින් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හරහා ඔවුනට නතු මාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් මාර්ගයෙන් සිදු කර ඇති අතර වත්මන් රජය පත්වූ පසුව විවිධ ආයෝජකයින් රට පුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම පටන්ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඉඩම් සකස් කිරීම සඳහා ඒවා හෙළි පෙහෙළි කිරීම් චායාරුපගතකර සමාජ මාධ්‍ය වෙත එකතු කල අවස්ථාද වාර්තා වන අතර එම භූමි කිසිසේත්ම වනාන්තර හෝ රක්ෂිත නොවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත් වනාන්තර විනාශ කරන ලද බවට ප්‍රචාරයවූ සියලු ප්‍රදේශවල සත්‍ය තත්වය සොයා බැලීමට අදාළ ආයතනවල නිලධාරීන් යොදවා ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධ සත්‍ය තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වනවිටත් ප්‍රධාන ධාරාවේ රුපවාහිනී මාධ්‍යවල පවා පල කල ඇතැම් ප්‍රවෘති ගොතන ලද ඒවා බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර ගම්වාසීන් මෙන්ම රාජ්‍ය ආයතනද ඒ බව තහවුරු කොට ඇතිබවයි කියවෙන්නේ. කෙසේ වෙතත් අසත්‍ය සමාජගත කරමින් දේශපාලනමය වාසි වෙනුවෙන් ජනතාව නොමඟ යැවීමට තැත්කළ පුද්ගලයින් සොයා විශේෂ විමර්ශනයක්ද මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පැවසුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ කරුණු අසත්‍ය බවට
ෆේස්බුක් ආයතනයම තහවුරු කරන ලද කරුණු කිහිපයක් පහතින්…

ඉහත පෙන්වා ඇත්තේ ෆේස්බුක් ආයතනය විසින් අදාළ පුවත අසත්‍ය බවට හා එම ෆේස්බුක් පිටුව මගින් අසත්‍ය ප්‍රචාර පල කරන බවට දැනුම්දීමක්.

එහි සම්පුර්ණ පුවත පහතින්…

විෂයභාර අමාත්‍ය සීබී රත්නායක මහතා මේ පිළිබඳව මාධ්‍ය වෙත හෙළි කල කරුණු පහතින්…

මේ අතර පසුගියදා ජනාධිපතිවරයාද මේ පිළිබඳව අදහස් දක්වමින් අදාළ විෂය භාර අමාත්‍යංශ නිලධාරීන්ට කියා සිටියේ ආයෝජකයින් සඳහා සහ විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත හැකි වනරක්ෂිත හා පරිසරයට හානි නොවන ඉඩම් පිළිබඳව කඩිනම් සමීක්ෂණයක් සිදුකොට ලැයිස්තුවක් සකසන ලෙසය. ඒ අනුව ආයෝජකයින්ට පහසුවෙන් තමන්ට සුදුසු ඉඩම් වෙන්කර ගැනීමටත් වනාන්තර හා පරිසර හානියක් සිදු නොවීමටත් තිරසාර විසඳුමක් ඉන් ලැබෙනු ඇත. ජනාධිපතිවරයා ඒ පිළිබඳව දැක්වූ අදහස් පහතින්…

blob:https://www.facebook.com/d671df13-c549-44e1-9f81-b3cb2441bcaf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here