“ගුරුවරු නොවන පිරිස් ගුරු උද්ඝෝෂණයේ” – අත්අඩංගුවට පත් 44න් ගුරුවරුන් නොවන පිරිස් මාට්ටු!

ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා ඊයේ පස්වරුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ බවට වාර්තා වනවා.

කෙසේ වෙතත්  මෙම විරෝධතාව අතරතුර අත්අඩංගුවට  ගත් 44 දෙනා අතර ගුරුවරුන් 22 නෙක්, ගුරුවරියන් 16 සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටින බව ද අජිත් රෝහණ මහතා කීය. එමඟින් හෙළිවන්නේ ගුරු උද්ඝෝෂණ මුවාවෙන් පිටස්තර දේශපාලන බලවේග මේ හා සම්බන්ධව කටයුතු කරනා බව යි.

රටේ කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිර යන සමයක සිය වැටුප් ප්‍රශ්න ඉදිරියට දමාගෙන සිදුකරන දේශපාලන ව්‍යාපාර කෙරෙහි ජනතා විරෝධය එල්ල වමින් පවතින අතර මේ ක්‍රියාවලිය මගින් රටේ කොරෝනා ව්‍යාප්තිය දරුණු අතර පත්ව යලි ලොක් ඩවුන් තත්වයකට ගියහොත් මාසික වේතන නොලබන එදා වේල සොයාගෙන ජීවත්වන පිරිස් මෙන්ම රජයට බරක් නොවී සිය ව්‍යාපාර කරන පුරවැසියන් සියලු දෙනාට අත්වන ඉරණම සම්බන්ධයෙන් දේශපාලනික අවශ්‍යතා මත විරෝධතා දියත් කරන සියලුදෙනා වගකිවයුතු බවයි ජනතා මතය වී ඇත්තේ.   

 1,160 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply