ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ඉලක්ක කලින්ම සපුරා තිබීම ප්‍රශංසනීයයි!

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වයිරසයට මුහුණදීමේදී සිය එන්නත්කරණ වැඩසටහන සිය ඉලක්කයන්ටත් කලින් සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ඊයේ (03) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට සිය එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් හඳුන්වාදී තිබෙන අතර එම ඉලක්කයන් මේවනවිටම සපුරා ගැනීම අගය කළ යුතුබව හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව රටපුරා මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙන අතර දිවා රාත්‍රී එන්නත් දීමේ මධ්‍යස්ථානද විවෘත කරමින් සිය ඉලක්ක කඩිනමින් සපුරා ගනිමින් සිටීම පිළිබඳවද ඒ මහතා ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වා තිබේ.

 666 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply