රිෂාඩ් ගේ නිවසේදී ගිනි තබා ගෙන මිය ගිය ශාලනි ගැන දෙමව්පියන් කියූ දේ! [VIDEO]

තම දියණිය කිසිසේත්ම ගිනි තබාගෙන මිය ගිය නැති බව බවත් කිසිවකු විසින් හෝ තම දියණිය ඝාතනය කල බවට විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමට ලක්ව මියගිය බාල වයස්කාර දැරියගේ දෙමාපියන් කියා සිටිනවා.

තමන් විසින් ගත් ණය මුදලක් ගෙවා දැමීමට නොහැකි වූ නිසා තම දියණිය ඒ මුදල උපයා ගැනීමට බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට කැමැත්තෙන්ම ගිය බව ඇගේ මව සඳහන් කළා.

එම නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට පහර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් ඇය සඳහන් කළා.

තමනට එහි සේවය කල නොහැකි යයි දියණිය තමනට දැන්වූ බවත් ඇය කියා සිටියා. දැරියගේ පියා කියා සිටියේ තම දියණිය ගින්දරට ඉතා බිය බවත් කිසිසේත්ම ඇය ගිනි තබාගෙන දිවි නසා දන්නෙ නැති බවයි .

මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඔවුන් මෙම අදහස් පල කරන ලදී.

 326 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply