ලොව ධනවත්ම මිනිසාගේ අභ්‍යවකාශ තරණය!

ලොව ධනවත්ම මිනිසා වන ජෙෆ් බේසස් අභ්‍යවකාශය තරණය කර තිබේ.

ඔහු ලොව ප්‍රකට අන්තර්ජාල අලෙවි සමාගමක් වන ඇමසන්හි නිර්මාතෘවරයාය.

57 හැවිරිදි බේසස් ට අමතරව , ඔහුගේ සොයුරු මාර්ක් බේසස්, අභ්‍යවකාශ ගමන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ 82 හැවිරිදි වොලී ෆන්ක් සහ 18  හැවිරිදි සිසුවෙකු වන ඔලිවර් ඩේමන් ද මේ චාරිකාවට එක්ව සිටියේය.

බේසස්ගේ බ්ලූ ඔරිජින් සමාගම විසින් නිෂ්පාදිත නිව් ෂෙපර්ඩ් යානාව අභ්‍යවකාශගත කෙරුණේ ටෙක්සාස් හි පිහිටි ඔහුට අයත් වැන් හෝන් පරිශ්‍රයේ සිටය.

පෘථිවියෙන් නික්ම කිලෝ මීටර් 76ක් ඉහළට ගමන්කිරීමෙන් පසුව කණ්ඩායම රැගත් කැප්සූලය, එහි ත්වරකයෙන් වෙන්වූ අතර පිරිස රැගත් කැප්සූලය පෘථිවියේ සිට කිලෝමීටර් 106ක් ඉහළ අභ්‍යවකාශය වෙත ගමන් කළේය.

බේසස්ගේ එම ගමනට ගතවූ කාලය විනාඩි 10 තත්පර 10කි.

ලෝකයේ ප්‍රමුඛ බිලියනපතියෙක් වන 77 හැවිරිදි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් පසුගිය 11වැනිදා පැයක අභ්‍යවකාශ චාරිකාවකට එක්වුණේ අභ්‍යවකාශ තරණ ඉතිහාසය අලුත් කරමිනි.

තම සමාගම සතු “වර්ජින් ගැලැක්ටික් රොකට්” යානයෙන් ඔහු එම ගමනට එක්විණි.

 669 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply