“ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය 2/3 බහුතරයෙන් ආණ්ඩුව දිනයි” – රජයේ දේශපාලන ස්ථාවරත්වය ගැන ලොවටම පණිවිඩයක්!

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 දෙනෙක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය වී තිබේ.

සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තුව අගෝස්තු 3 වනදා නැවත රැස්වන බවය.

පසුගියදා ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබුණි.

එය ජුනි මස 26 වනදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.

 744 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply