ඩෙල්ටාවට සයිනොෆාම් වෙතින් ඉතා ඉහළ රැකවරණයක්!

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් 19 එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුර තුළ ප්‍රති දේහ ගොඩනැගෙන බවත් ඩෙල්ටා ප්‍ර භේදයර ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

සිය ෆේස් බුක් ගිණුමට සටහනක් එක්කරමින් ඔහු පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදු කළ පරීක්ෂණයකින් මේ බව අණාවරණය වී ඇති බවයි.

“විශේෂඥයන් ලෙස හැඳින්වුණු ඇතැමුන්ගේ දැඩි විරෝධයට සහ අවඥාවට ලක්වූ චීන සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන ඇත.” 

 483 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply