1987 සැප්තැම්බර් 15 වන දින එල්ටීටීඊ සටන්කරුවෙකු වන රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන් නල්ලූර් කන්දස්වාමි කෝවිල අසල උපවාසයක් ආරම්භ කළේය. සතියකට පසු ඔහු මිය ගියේය. එල්ටීටීඊයේ යාපනය අර්ධද්වීපයේ දේශපාලන නායක තිලීපන් 1987 මැයි මාසයේදී වඩමරච්චි මෙහෙයුමේදී උදරයේ තුවාල ලබා ඇත. තිලීපන් කොහොමත් මිය යමින් සිටි බව වාර්තා වේ. තමන්ට කෙසේ හෝ අත්විඳින්නට සිදුවන තත්ත්වයක්, වෙනත් ආකාරයට කියනවානම් නොවලැක්විය හැකි තත්ත්වයක් වැඩි වාසියට හරවා ගැනීමේ මෙම ක්‍රමය එල්ටීටීඊයේ තවත් උපක්‍රමයක් විය. එය ‘තිලීපන් විකල්පය’  යනුවෙන් ප්‍රචලිත විය.

‘තිලීපන් විකල්පය’ දැන් විදේශයන්හි සිටින එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් විසින් භාවිතා කරනු ලැබේ. එල්ටීටීඊයේ පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වූ සහ සංවිධානයේ නොයෙකුත් සාපරාධී ක්‍රියාවන්ට ආධාර සහ අනුබල දුන් සංවිධාන සමූහයක් මේ වන විටත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කරමින් එක්‌සත් රාජධානියේ සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් දප්පුල බණ්ඩාර ස්වර්ණ බෝතොට මහතාව එක්සත් රාජධානියෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලා තිබේ. මෙහිදී හාස්‍යජනක කරුණ නම් බ්‍රිගේඩියර් බොතෝට කොහොමත් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත කාලය පැමිණ තිබීමයි. බ්‍රිගේඩියර් බෝතොට එක්සත් රාජධානියේ සිය සේවය සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටී.

බ්‍රිගේඩියර් බෝතොට විනීත හමුදා නිලධාරියෙකි. ඔහු කිසියම් අපරාධයකට සම්බන්ධ කරන කිසිම ක්‍රියාවක් ගැන එකදු සඳහනක්වත් නැත.

ඉතින් ඇයි ඔවුන් මෙය කරන්නේ?
එය “තිලීපන් ක්‍රමයි ”
ඔහු මේ වන විටත් අවුරුදු දෙකක කාලයක් එක්සත් රාජධානියේ සේවයේ සිට ඇති අතර, මෙම කාල සීමාව තුළ කිසි විටෙකත් මෙම එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් ඔහු එක්සත් රාජධානියේ සිටීම පිළිබඳව එක වචනයක්වත් ප්‍රකාශ කර නැත.

එය සරලයි.
A) මීට වසර දෙකකට පෙර බ්‍රිගේඩියර් බෝතොට ආරක්ෂක උපදේශක ලෙස පත් කරන ලදී,
B) එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් අවුරුදු දෙකක කාලයක් නිහඩව සිටියහ,
C) බ්‍රිගේඩියර් බෝතොට ශ්‍රී ලංකාව වෙත ආපසු යාමට සූදානම්ව සිටී.
D) බ්‍රිගේඩියර් බෝතොට ලංකාවට යවන්න ඉල්ලා සිටිනවා එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම්.
E) බ්‍රිගේඩියර් බෝතොට ඔහුගේ පෙර සුදානම පරිදි ඔහුගේ ස්ව කැමැත්තෙන් ශ්‍රී ලංකාවට යනවා.
F) එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් ඔවුන්ගේ අරගලයෙන් ලබා ගත් ජයක් සේ ඔවුන් කප්පම් මුදල් එකතු කරන එරට දමිළ ජනතාවට පෙන්වා සිටිනවා.

‘තිලීපන් විකල්පය’ පරිවර්තනය සහ සංස්කරණය : වලිමුණි අබේසේකර

  • https://gammiris.lk/pro-ltte-whiners-trying-a-thileepan-on-brigadier-bothota/embed/#?secret=UABAdJHQvz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here