කිඹුලාඇලේ ගුණාගේ කෝටි 12ක හෙරොයින් ආදුරුප්පු වීදියෙන් අල්ලයි!


ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන කිඹුලා ඇලේ ගුණා නොහොත් ගුණසේකරම් නැමැත්තාට අයත් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, කොටහේන ආදුරුප්පුවීදියේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

මෙහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 12ක පමණ ප්‍රමණායක් සොයා ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙස් අනුව ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කෙරුණා.

කිඹුලා ඇලේ ගුණා නැමැත්තා ඉකුත්දා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන එරට බන්ධනාගාරයක රදවා සිටිනවා.  

1999 වසරේ දෙසැම්බර් මස 18 වනදා පැවැති මහජන රැස්වීමකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගනිමින් එල් ටී ටී ඊ සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද “කිඹුලා ඇළේ ගුණා” නමැත්තාට චෝදනා එල්ල එල්ල වුණා. ඔහු ඉන්දියාවට පලාගොස් ව්‍යාජ ලිපිලේඛණ භාවිත කරමින් තමිල්නාඩුවේ සැගව සිටි ඇත්තේ එම ප්‍රහාරයෙන් පසුවයි. “කිඹුලා ඇලේ ගුණා” නමැත්තා එල් ටී ටී ඊ සංවිධානය සමග සමීප සබදතා පැවැත්වූ බවට ද වාර්තා පළ වුණා.

 585 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply