නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරය පුළුල් නොකිරීම පිළිබඳ ජනපතිට ප්‍රශංසා!

නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරය තවදුරටත් පුළුල් නොකිරීමේ ජනපති තීරණයට හලාවත පදවි පූජක ,පැවිදි , ගිහි සියළු දෙනා මහත්සේ අගය කරන බව හලාවත පදවි රදගුරු දෙවිශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි බල ශක්තිය සඳහා ගල් අඟුරු භාවිතය මේ වන විට ලෝකය පුරා ප්‍රතික්ෂේපව පවතින අතර එය මිනිස් ජිවිතයට හා පරිසරයට හානි සිදු කරන බව ද මෙම නිවේදනයේ සඳහන් වෙයි බල ශක්තිය පිළිබඳ රජයේ දැක්ම අනුව 2030 වන විට 80% ක් පුනර්ජනනීය ක්‍රමවේද භාවිතයට අවධානය යොමු කිරීම පිළිබඳව ජනපතිට ප්‍රශංසා කරන බව වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ පවසති ස්වභාව දහම ආරක්ෂා කරමින් හරිත ආර්ථිකයක් කරා යෑමේ රජයේ දැක්ම ද මෙහිදී ප්‍රශංසාවට ලක් කර ඇත

PDF File: http://www.dinamina.lk/sites/all/libraries/pdf.js/web/viewer.html?file=http%3A%2F%2Fwww.dinamina.lk%2Fsites%2Fdefault%2Ffiles%2Fnews%2F2021%2F07%2F17%2FPress%2520Release%2520-%2520Noorachcholai%2520Coal%2520Power%2520Plant%2520Sinhala%2520%25281%2529.pdf

 1,018 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply