2020 ජනාධිපතිවරණයේ පක්ෂ විපක්ෂ ප්‍රචාරණ කටයුතු ආකර්ශනීය අයුරින් මේ දිනවල සිදුවන බව දකින්නට ඇත. සමහර පක්ෂ මිලියන බිලියන ගණනින් නොවැම්බර් 16 සිය අපේක්ෂකයා ජයග්‍රහණය පිණිස කටයුතු කරමින් සිටින අතර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයනද එලි දක්වෙමින් තිබේ.

තත්වය මෙසේ වෙද්දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සජිත් ප්‍රේමදාස පිල තුල දැඩි බල අරගලයක් හටගෙන තිබෙන බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කලහොත් මීළඟ අග්‍රාමාත්‍යවරයා වන්නේ කවුරුන්ද යන ගැටලුව මත මෙම අරගලය හටගෙන තිබේ. ඒ අනුව වත්මන් අගමැති එම තනතුරට වඩාත් සුදුසු බව රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් ප්‍රකාශය කරන අතර මංගල සමරවීර මහතාද සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබා ගැනීමට මුල සිටම මහන්සි වුයේ අගමැති කම බලාපොරොත්තුවෙන් බව නොරහසක්.

මේ අතර 2020 ජනාධිපති අපේක්ෂක වීමට පෙරුම් පිරු සහ කෝටි ගණන් වියදම් කර PR Campain කල පාඨලී රණවක අමාත්‍යවරයාද අගමැති සටනේ සිටින අතර රාජිත සේනාරත්න මහතාද ඒ වෙනුවෙන් දැනටමත් ක්‍රියාත්මක වී අවසන්. එජාපය අභ්‍යන්තර තත්වය මෙසේ වෙද්දී සජිත්ට රැල්ල හැදු හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාද වැඩිය පෙනෙන්නට නැති අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස්බුක් පිටුවට ගොස් බැලුවහොත් ජනාධිපතිවරණයක් තියෙනවාද කියාවත් සිතාගන්නට නොහැකි තත්වයක් එහි ඇත.

කෙසේ වෙතත් බැරිවෙලාවත් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති වීමට හැකි වුවහොත් 2015 මෛත්‍රිපාල සිරිසේන මහතාට මුහුණ දෙන්නට වූ රනිල් සමග බල අරගලයට වඩා වැඩි අරගලයකට සජිත්ට මුහුණ දීමට සිදුවන අතර කිසිදු විධායක බලයක් අහිමි සජිත් සහ මීළඟ ආණ්ඩුව ගතවූ වසර 5ටත් වඩා කැඳ හැලියක් වන බවනම් දැනටමත් පැහැදිලිය.

ඒ නිසා වඩාත් හොඳින් සිතා නොවැම්බර් 16 දින රට වෙනුවෙන් නිවැරදිම තීන්දුව ගතයුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here