සංචාරක ව්‍යාපාරය සැප්තැම්බර් වන විට සාමාන්‍ය තත්වයට!

සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු සියලුදෙනාට සැප්තැම්බර් මාසය අවසාන වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාදී සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට හැකි සෑම පියවරක්ම ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි .

ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට ලෝක මට්ටමෙන් නව ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් ඇතැයි කී අමාත්‍යවරයා ඊට සමගාමීව ගුවන් සමාගම් විසින් සංචාරකයන්ට සහන පැකේජයක් ද ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවට අද (16) රැගෙන ආ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක ප්‍රමාණය භාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මෙරට ජනගහනයෙන් එන්නත ලැබිය යුතු පිරිසෙන් සියයට හැටකට එන්නත් ලබාදීමට රජය කටයුතු කරගෙන යන බව කී අමාත්‍යවරයා එවිට ශ්‍රී ලංකාව කොවිඩ්වලින් ආරක්ෂිත රටක් බවට විදේශ රටවල සංචාරකයින් තුළ විශ්වාසයක් ගොඩ නැගෙන බව ද කීවේය.

එම විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළත් සමඟ නව සංචාරක ප්‍රචාරණ වැඩ පිළිවෙලක් හඳුන්වාදීමට නියමිත බව ද කීවේය.

ඒ තුළින් විශාල වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව කී ඇමතිවරයා සංචාරකයින් ද එන්නත් මාත්‍රා සම්පූර්ණ කර පැමිණියහොත් ඔවුන්ට රට පුරා ඇවිදීමේ අවස්ථාව ලැබෙන බව පැවසීය.

 771 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply