කොරෝනා වසංගතය උද්ගත වීමත් සමඟ රටේ ආර්ථිකය හා විදේශ සංචිත ආරක්ෂා කරගැනීම පිණිස රජය ආනයන තහනමක් පැනවූ අතර ඒ හරහා දෙශිය කර්මාන්තකරුවාට නව අනාගතයක් උදා වන බවට අනාවැකි පලවෙමින් ඇත . ඒ සමඟම ආනයන මත සිය කර්මාන්ත පවත්වාගෙන ගිය පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවද සැබෑය.

සමහර ආනයන ව්‍යාපාරිකයින් මේ අවස්ථාවේ කියා සිටින්නේ සිය ව්‍යාපාර හා ඒ හා සම්බන්ධ රැකියා රැකගනීමටනම් ආනයන මත පනවා ඇති සීමා ලිහිල් කල යුතු බවකි. ඒ සඳහා විවිධ උද්ගෝෂණ මෙන්ම ව පිළබඳව ප්‍රචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් මතයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වී සිටී. එයට එක් උදාහරණයක් සපයමින් ටයිල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවන්ගේ සංගමය මුදල් ගෙවමින් සිදුකරන ප්‍රචාරක ව්‍යාපෘතියක් පහතින් දක්වමු.

ලංකාව රටක් ලෙස සමහර නිෂ්පාදන මෙන්ම උපාංග ආනයනය සිදු කල යුතුමය. උදාහරණ ලෙස රථ වාහන, අධි තාක්ෂණික උපාංග, දුරකථන, ආදිය ආනයනය කල යුත්තේ ඒවා මෙරට නිෂ්පාදනය ප්‍රයෝගික නොවන බැවිනි. නමුත් ටයිල් වැනි නිෂ්පාදන අපේ රටට ගෙන්වීම කෙතරම් ප්‍රයොගිකද යන්න දෙවරක් සිතා බැලිය යුතුමය. එයට හේතුව 1970 කාලයේ ආරම්භ කල ලංකා වෝල් ටයිල්ස් හා ලංකා ෆ්ලො ටයිල්ස් යන ආයතන එදා ප්‍රමිතියෙන් ඉතා ඉහල නිෂ්පාදන එලි දැක්වූ අතර ඒවාට නිසි තැන දේශපාලකයින් නොදීම හේතුවෙන් ඒවා අභාවයට යාම සහ චීන හා ඉන්දීය සමාගම් මෙරට වෙළඳපොළට කිසිදු ඉවක් බවක් නොමැතිව ඇතුල් වීම මෙයට හේතුවක් වී ඇත.

දේශීය නිෂ්පාදකයින් සතුව පවතින නිෂ්පාදන ප්‍රමාණවත් නොවන බව පැවසුවද මේ වනවිට ලංකා ටයිල්ස්, රෝයල් සෙරමික්ස් (Rocell) මෙන්ම මැක් ටයිල් ප්‍රදර්ශනාගරයකට ගිය හොත් එම කතාව අසත්‍යක් බව ඇස් පනාපිට ඔබටම ඔප්පු වනු ඇත.

මෙතැන ගැටලුව ඇත්තේ මෙරට අමුද්‍රව්‍ය හෝ නිෂ්පාදකයාගේ නොව දේශීය කර්මාන්තකරුවා පිළිබඳව අවතක්සේරුව මෙන්ම දශක ගණනාවක් පිටරටින් ආනයනය කොට විකුණා අධික ලාභ ලැබූ ක්‍රමව්දයෙන් ඉවත් වීමට ඇති අකමැත්ත බව හොඳින් පැහැදිලිය. ආනයන තහනම ඉවත් කරන්නට කියනා පපුද්ගලයින් සිතන්නේ සුළු පිරිසක් රැකියාව කරන ඔවුන්ගේ ව්‍යාපාරය පිළිබඳව පමණක් වන අතර මෙරට නිෂ්පාදකයින් සහ ඔවුන්ගේ කර්මාන්තශාලා තුල සේවය කරන දහස් ගණන් සේවකයින් පිළිබඳව සහ රටෙන් පිටට යන විදේශ විනිමය පිළිබඳව ඔවුන් සිතන්නේ නැත.

ටයිල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය මෙරට තුල තිබියදී චීන හා ඉන්දීය ව්‍යාපාරිකයින් පොහොසත් කරවමින් බිලියන ගණනින් විදේශ විනිමය එම රටවල් වලට ඇදී රටක් ලෙස බලාසිටි අපි කොරෝනාවෙන් හෝ ආරම්භයක් ගෙන දේශීය නිෂ්පාදන සවිමත් කරමින් දේශීය ආර්ථිකයක් ගොඩ නැගීමට කැපවනවා වෙනුවට යලිත් විදේශ වලින් ටයිල් ආනයනයට ඉඩ ඉල්ලීම කෙතරම් ප්‍රයෝගිකද?

නාහෙන් අඬන ටයිල් ව්‍යාපාරිකයින් සැබවින්ම කල යුත්තේ පිටරට කොම්පැනි පෝසත් කරමින් ආනයනය කර බෙදා හැරීම නැවත මෙරට තුල නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කොට අවශ්‍ය නිෂ්පාදන දේශියව නිපදවීමට අවශ්‍ය පියවර ගැනීමය රජය ඒ සඳහා පහසු ණය යෝජනා ක්‍රමපවා හඳුන්වා දී ඇත්තේ දේශීය ආර්ථිකයක් ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවය වර්තමානයේ හොඳින්ම රටට දැනී ඇති බැවිනි. ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපරිම කැපවීමෙන් වැඩ කටයුතු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් දේශීය කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් ගොඩ නැංවීම හරහා ශක්තිමත් දේශීය ආර්ථිකයක් ඇති කිරීම පිණිසය.

මේ අවස්ථාවේ ටයිල් ආනයන කරුවන් කල යුත්තේ ටයිල් ආනයන සීමා ලිහිල් කිරීමට කැම්පේන් කිරීම නොව සිය සංගමයේ ව්‍යාපාරිකයින් හා එක්ව දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය කර්මාන්තශාලා සඳහා ආරම්භයක් ගැනීමය. එයින් සරුවන්නේ රටේ අනාගතය පමණක් නොව ඔවුන්ගේද අනාගතයයි. එයට හේතුව ශ්‍රී ලංකාව තුල ඇති ඛනිජ සම්පත් චීනය හා ඉන්දියාවේ ඇති ඒවාට වඩා ප්‍රමිතියෙන් ඉහල වීම නිසා ඉතා උසස් නිෂ්පාදන මෙරට නිපදවීමට හැකියාව ලැබීමයි. ඒවාට උදාහරණ ලෙස දැනටත් ජාත්‍යන්තර වෙළෙඳපොල පවා ජයගෙන ඇති නොරිටාකේ, දන්කොටුව හා රොසෙල් වැනි නිෂ්පාදන ප්‍රයෝගික සාක්ෂි දරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here