සංචාරක ව්‍යාපාරයෙහි ප්‍රවර්ධනයට ‘එකට-එකක්’

ශ්‍රී  ලංකා සංචාරක මණ්ඩලය ශ්‍රී  ලන්කන් ගුවන් සේවය සමඟ ඒකාබද්ධව ‘එකට _ එකක්’ තේමාව යටතේ මැදපෙරදිග හා බටහිර රටවල් ඉලක්ක කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් එළැඹෙන අගෝස්තු මාසය මැද භාගයේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම පිණිස මෙරටට පැමිණෙන සංචාරකයකුට තවත් අයකු සංචාරය සඳහා කැඳවාගෙන ඒමට අවස්ථාව සැලසේ.

මෙහි ප්‍රථම පියවර ජර්මනිය හා මැද පෙරදිග රටවල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන අතර සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ඉහළ සංචාරක වෙළෙඳපොළවල් ඇති බටහිර රටවලට එම සංචාරක සේවය ව්‍යාප්ත කිරීමට සංචාරක මණ්ඩලය අපේක්ෂා කරයි. දැනට මෙරට පවතින සංචරණ සීමා සහ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් මෙම ප්‍රවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

 444 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply