මන්ත්‍රී රිෂාඩ් ගේ නිවසේ දී ගිනි ඇවිලුණු බාලවයස්කාර මෙහෙකාර දැරිය මියයයි!

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක ඊයේ දින (15) උදෑසන මිය ගිය බව බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුවේ දැඩි සත්කාර ඒකක 2හි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දැරිය නිරීක්ෂණය කිරීම සදහා අද පිටත්ව ගොස් තිබෙනවා.

පසුව, දැරිය පිළිස්සුම් තුවාල ලත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකරනු ලැබුවා.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙසට මෙහිදී බොරැල්ල පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා. එහිදී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පසුගිය ජුලි මස 03 වැනිදා සිරුරට ගිණී ඇවිලීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මෙසේ මියගොස් ඇත්තේ ඩයගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාලවයස්කාර දැරියක්.

 429 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply