“බස්නාහිර ඕන කෙනෙක්ට විනාඩියෙන් එන්නත” – එන්නත් මධ්‍යස්ථානයක් වූ එළිමහන් රංග පීඨය! [VIDEO]

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ එළිමහන් රංගපීඨයේ දී අද සිට ලබාදෙයි. යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් එන්නත් ලබාදීම සිදුකරනු ලබයි.

බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැදුනුම්පත්, විදුලි බිල්පතක්, දුරකතන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛනයේ ග්‍රාම නිලධාරීවරයා සහතික කරන ලද පිටපතක් රැගෙන ඒමෙන් එන්නත් ලබාගැනීමට හැකියාව පවතියි.

මෙම එන්නත් මධ්‍යස්ථානයේ ජනතාවට ලැබෙන සහාය සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රශංසාත්මකව අදහස් දක්වන ජනතාව කියා සිටින්නේ එම මධ්‍යස්ථානය තුලදී විනාඩියක් පමණ ඇතුලට එන්නත ලබාදීම සිදු කල බවයි. පැමිණෙන ජනතාවට සංග්‍රහ පවා සංවිධානය කොට ඇති බවයි වාර්තා වන්නේ.

යුද හමුදාව බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ සිදුකරන එන්නත් ලබාදීමේ වැඩසටහන අද සිට ලබන 19 වනදා තෙක් තාවකාලිකව නවත්වා ඇත. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සදහා එන්නත් ලබාදීම බත්තරමුල්ල එම් ඩී එච් ජයවර්ධන ප්‍රාථමික විදුහලේ දී සිදුකෙරෙයි

 1,346 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply