පක්ෂයේ තීන්දුවට පයින්ගසා පුරවැසියකු ලෙස කොවිඩ් එන්නත ගත් අනුර සහෝදරයා!

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහ තා අද සිය කොවිඩ් එන්නත් මාත්‍රාව  ලබා ගත් බවට ඔහු සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබුනා. කෙසේ වෙතත් මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික කේ ඩි ලාල් කාන්තා මහතා “රටේ අන්තිම පුරවැසියාටත් එන්නත ලබාදෙන තෙක් ජ.වී.පෙ අපි එන්නත ගන්නේ නෑ” යනුවෙන් පවසා තිබු පසුබිමක අනුර කුමාර දිසානායක මහතා එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස රජය විසින් නොමිලේ ලබාදෙන කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සම්බධයෙන් අපගේ අපගේ ස්තුතිය පලවන අතරම සිය පක්ෂය උද්ඝෝෂණ සඳහා සහභාගී කරනවන සියලු සාමාජිකයින් මෙලෙස එන්නත් කරණය සඳහා කඩිනමින් යොමු කරවන ලෙසට අප ඉල්ලා සිටිනවා.

එවිට තවත් කොරෝනා රැල්ලක අවධානම රටෙන් බැහැර වන අතරම ඔවුන්ට සිය රැකියාව හා ජීවිකාව වන දේශපාලනික උද්ඝෝෂණ දිගින් දිගටම බාධාවකින් තොරව සිදුකරගෙන යාමේ හැකියාවද ලැබෙනු ඇත.

ලාල්කාන්ත මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය පලකල තිබු ආකාරය…

අනුර කුමාර දිසානායක මහතා සිය එන්නත ලබාගත් අකාරය…

මේ සම්බන්ධව පලවී ඇති සමාජ ජාල විවේචන කිහිපයක් පහතින්….

 1,035 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply