ලංකාවේ මීළඟ පුහුණුකරු මහානාම?

ශ්‍රී  ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු විදෙස් පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනකුගේ ගිවිසුම් කාලය එළැඹෙන දෙසැම්බර් මාසයේදී නිමාවීමත් සමඟින් හිටපු ජාතික තලයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකු එම තනතුරු සඳහා පත් කිරීමට සැලසුම් කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග තොරතුරු වාර්තා කරනවා.
එසේම අනාගත සැලසුම් ඉලක්ක කරගෙන ශ්‍රී  ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේද ප්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවද  මීට ඉහතදී වාර්තා වුණා.
ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ විශේෂ නිර්දේශ මත වත්මන් ජාතික කණඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර රොෂාන් මහානාමට හිමිවීමේ වැඩි ඉඩක් පවතින බවද සඳහන්. 
එමෙන්ම  අවිෂ්ක ගුණවර්ධන ශ්‍රී  ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වනවා.

 1,074 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply