ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට විරෝධතාවක!

දැනට මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානය තුළ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක් දියත් කළ ගුරු සංගම් නියෝජිතයින්ගෙන් පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට එරෙහිව සහ එම පිරිස පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා දිවයින පුරා ගුරුවරු මාර්ගගත ඉගැන්වීම් කටයුතුවලින් බැහැර වී අද (ජූලි 12) වැඩ වර්ජනයක නිරතවී සිටිති.

ඊට සමගාමීව ජෝසෆ් ස්ටලින් ඇතුළු පිරිස ද ඔවුන් රඳවා සිටින මුලතිව්, කේපාපිලව් නිරෝධායන මධ්‍යස්ථානය තුළ විරෝධතාවයේ නිරත වී සිටිති.

පොල්දූව වටරවුම ආශ්‍රිතව ජූලි 07 දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතා ව්‍යාපාරය සහ උද්ඝෝෂණයට සහභාගි වූ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ද වූහ.

 391 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply