නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන Zika වෛරසය නැවතත්!

නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කරන, මදුරුවන් මගින් පැතිරෙන සීකා වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ වෛරසය ආසාදනය වූ 13 දෙනෙකු පමණ වාර්තාවූ බවයි.

මීට පෙර 2016 සහ 2017 වසරවලදී ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයෙන්ද මෙම වෛරසය හඳුනාගෙන තිබුණා.

මෙම වෛරසය පැතිරයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ පෙබරවාරි මාසයේදී හදිසි සෞඛ්‍ය අවදානමක්ද නිකුත් කර තිබූ අතර, එය මාස 9 කට පසු ඉවත් කර තිබුණා.

එම කාලසීමාවේදී සීකා වෛරසය හේතුවෙන් කුඩා හිස් සහිතව ඉපදුණු ළමයින් ලොව රටවල් 30කින් වාර්තා වූ අතර බ්‍රසීලය ඒ අතරින් ප්‍රධානයි.

එය හඳුනා ගැනීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් සෑම දිස්ත්‍රික්කයකම මේ පිළිබඳව සෝදිසියෙන් සිටින බව වාර්තා වනවා.

මදුරුවන්ගෙන් බෝවන මෙම වෛරසය නිසා ළමුන්ගේ මොළය හැකිළෙන රෝගයක් බවටයි වාර්තා වන්නේ.


බෝවන රෝග උපදේශකවරයෙකු පෙන්වා දෙන්නේ සිකා වෛරසය ඇතුලු වූ පසු කැසීම සහිත මෘදු උණක් ඇති වන අතර එය දින 4-5ක් ඇතුළත සුවවන බවත් බොහෝ අය එය නොසලකාහරින බවත්ය.

නමුත් එයින් සමහර අයට ස්නායු දුර්වලතා ඇති වන අතර මෙය ගර්භනී කාන්තාවන් තුළ, විශේෂයෙන් මුල් ත්‍රෛමාසිකයේ සිටින අය, ආසාදනය නිසා වර්ධනය වන කලලයට බරපතල ලෙස හානි කළ හැකි අතර සංජානන විෂමතාවන්ට එය හේතු වේ

 563 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply