පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලසන්තගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකාවේ කැලිෆෝනියා හි දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කළ නඩුව පසුගියදා එම අධිකරණය විසින් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 15 දා ලසන්ත දියණිය මෙම නඩුව ගොනු කර තිබු මෙම නඩුව විභාගයට නොගෙනම කුනුකුඩයට විසිවීම හරහා ඒ පසුපස සිට එය මෙහෙයවූ UNP බංකොලොත් දේශපාලනය දැන් හෙළි වෙමින් පවතිනවා. වසර ගණනාවක් සිය පියා ගැන නඩු දමන්නට අමතකව සිටි ලසන්තගේ දියණියට හිටි හැටියේ සිය පියා මතක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට පැමිණීමත් සමඟ වීම විමතියට කරුණක් වන අතරම ඇමරිකාව තුල නඩුවක් දැමීම සඳහා අවශ්‍ය නීතිඥ පහසුකම් ආදිය ලබා ගැනීමට පවා විශාල වියදමක් දැරීමට සිදුවන බව නොරහසක්. කෙසේ වෙතත් මේ සඳහා පුර්ණ අනුග්‍රහය ලැබී තිබෙන්නේ මංගල සමරවීර අමාත්‍යවරයා හරහා වන අතර මෙම සිදුවීමේ සලසුම් සියල්ල අඟල ඇතුළු පිරිසකගේ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම නඩුව ප්‍රතික්ෂේප වීමට හේතුව ලෙස දීර්ග විස්තරයක් ඇමරිකානු දිස්ත්‍රික් අධිකරණය පෙන්වා දී ඇති අතර ඒ විස්තර සාක්ෂි සහිතව මෙම පුවතේ පහතින් දක්වා ඇත. ලංකාවේ සිදුවූ සිදුවීමක් මුල්කරගෙන වෙනත් රටක නඩුවක් දමන්නේ ඇයිද යන්න තවත් මතභේදයකට තුඩු දෙන කරුණක් වන අතර ලංකාවේ නීතිපද්ධතිය හෑල්ලුවට ලක්කරමින් මේ කල ක්‍රියාව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙලේ පුද්ගලයින්ගේ නින්දිත බියගුළු ක්‍රියාවක් ලෙසයි දැක්වීමට හැක්කේ.

මේ ආකාරයට කිසිදු පදනමක් නොමැතිව විවිධ නඩු දමමින් අභූත චෝදනා නගමින් තමන්ට මැතිවරණයේදී ගොටාභය පරදන්නට බැරිබව හොඳින්ම දන්නා නිසාවෙන් විවිධ බංකොලොත් උත්සාහයන් දැරුවද ඒ සියලු භාධක ජය ගනිමින් රටේ සහ ජනතාවගේ වාසනාවට එම භාධක එකින් එක ජයගෙන සිය ජයග්‍රාහී මාවත දිනෙන් දින විවර කරගන්නට ගොටාභය රාජපක්ෂ මහතා සමත්වීම සැබවින්ම පුදුම සහගතය.

මාධ්‍ය ආයතනයක කුම්බියෙක් මැරුණත් ගොටභයට චෝදනා කල වර්තමාන ආණ්ඩුව 2015 බලය ලබා ගත්තේද මෙම චෝදනා ලයිස්තුවම වේදිකා ගානේ කියවමින්ය නමුත් ඔවුන් වසර 5ක් ආණ්ඩු කලද ඒ එකදු චෝදනාවක් ඔප්පු කරගනිමටවත් නොහැකි වූ පසුබිමක තවදුරටත් මෙසේ කිසිදු පදනමක් නැතුව නඩු පවරමින් මඩ ප්‍රචාර යවමින් පරාජයේ සෙවනැල්ලෙන් වියරු වැටි සිටින එජාප ලොක්කන් කුමන විගඩමක් නටන්නට උත්සහ කලත් ජනතාව පවසන්නේ 2015 කියපු එක දුෂණයක් හෝ වංචාවක් හෙළි කරගන්නට නොහැකි වූ මේ ආණ්ඩුව පරණ තැටියම වයමින් මේ කරන්නේ යලි ජනතාව මුලා කිරීමම පමණක් බවයි.

ඇමරිකානු අධිකරණය නඩුව ඉවතදමමින් ඉදිරිපත් කල ලියවිලි පහතින්…

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here