මුදල් ඇමැති බැසිල් දේශපාලන ඉතිහාසය වෙනස් කරයි!

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (08දා) පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතයි.

බැසිල් රාජපක්ෂ මහතා අද දින පෙරවරුවේ මුලින්ම අරලියගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ආශීර්වාද ලබාගැනීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දෙනු ඇත.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 9 වැනි ආසනය වෙන්කර ඇති බව වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු පැවැසීය.

එම අසුන කලින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට හිමිව තිබිණි.

ඉදිරිපෙළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, සභානායකවරයා, අගමැතිවරයා හා ජනාධිපතිවරයා ළඟට ඇති ඊළඟ අසුන ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාට හිමි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආගමික ස්ථාන කිහිපයකටම ගොස් ආශීර්වාද ලබාගැනීමටද නියමිතව ඇත.

 974 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply