කොවිඩ් මර්දන එන්නත්කරණයට නාවික හමුදා දායකත්වය!

බස්නාහිර පළාතේ කොවිඩ් – 19 මර්දන එන්නත්කරණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ද දායකවී සිටී.
ඒ අනුව අද (05) දිනයේ සිට නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර නාවික මහරෝහල මගින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී කොවිඩ් 19 මර්දන එන්නත්කරණය සිදු කෙරෙනු ඇති.

නාවික හමුදාව පැවසුවේ, එම මධ්‍යස්ථාන තුළදී උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා කාලසීමාව තුළ බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි රජයේ සහ පෞද්ගලික අංශයන්හි සේවකයින් ඇතුළු මහජනතාවට සයිනොෆාම් එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

මේ අතර සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් ජනතාවට ද මෙම මධ්‍යස්ථානවලදී එහි දෙවන මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව පවතින බව නාවික හමුදාව පවසයි.

 694 total views,  25 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply