වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට ජනතාවගෙන් දැඩි විරෝධයක්!

සෞඛ්‍ය වෘත්තිය සමිති 13ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ ක්‍රියාත්මක අතර ඉන් රෝහල් කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් එල්ල වී තිබෙනවා. කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල කටයුතුවලට මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේදී බාධා එල්ල වුණා. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා රෝහල්වෙත පැමිණි රෝගීන් පීඩාවට පත්ව සිටින ආකාරයක් දක්නට ලැබුණු බවයි වාර්තා වුයේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුවද ඇතැම් රෝහල්වලට ඉන් සුලු බලපෑමක් එල්ල වුණා. රෝහල්වෙත පැමිණි රෝගීන් සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තීය සමිති මේ මොහොතේ සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අසාධාරණ බවයි. මේ කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අසරණ වූ රෝගීන් කිහිප දෙනෙක් දැඩිව විවේචන එල්ල කළා.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ සිය ඉල්ලීම්වලට විසදුම් ලබා නොදුනහොත් හෙට දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. මේ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් අදහස් පලකලා.

 729 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply