මත්තල ගුවන් තොටුපොළ අංගණයේ වී ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධව තමා දැනුවත්ව නොසිටි බව අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදී ඊයේ (23වැනිදා) ප්‍රකාශ කළේය.

මත්තල ගුවන් තොටුපොළ අංගණයේ වී ගබඩා කිරීමෙන් රජයට සිදුවූ අලාභය සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි කොමිසම හමුවේ විභාගයට ගත් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි සාක්කි දීම සඳහා ඊයේ පැමිණ සිටියේය.

මෙහිදී රජයේ නීතිඥ යුරේෂා ද සිල්වා අගමැතිවරයාගෙන් මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමට අදාළව පත් කළ කමිටුව සම්බන්ධයෙන් විමසීමක් කළේය.

එහිදී අගමැතිවරයා සාක්කි දෙමින් කියා සිටියේ 2015 වර්ෂයේදී වී අතිරික්තයක් පැවැති බවත් ඒ පිළිබඳව සහ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා එකී කමිටුව පත්කළ බවය.

එහිදී යළිත් රජයේ නීතිඥවරිය අගමැතිගෙන් විමසා සිටියේ මෙම කමිටුව පත්කිරීමට මූලිකම හේතුව කුමක්ද යන්නය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here