මෙරට විදෙස් ආයෝජනවල ඉහළයාමක්!

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විදෙස් ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 03 සිට ඇමරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩිකර ගැනීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව හැකි වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයත්, එම අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයත් එක්ව මෙම වසර තුළ ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිත විදෙස් ආයෝජන ප‍්‍රමාණය ඉහළ නංවා ගැනීමේ ක‍්‍රමෝපායික සැලසුමක් සකස් කර බව නිවේදනයේ සඳහන් වෙයි

එම සැලසුමට අනුව, දැනටමත් ශ‍්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 03 ක විදෙස් ආයෝජන ප‍්‍රමාණය, ඇමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩිකර ගැනීමට නියමිතයි.

සංවර්ධන ව්‍යාපෘති 42 ක් හරහා ශ‍්‍රී ලංකාවට ලබා ගැනීමට අපේක්ෂිත මෙම ඇමෙරිකානු ඩොලර් බිලියන 05 ක විදෙස් ආයෝජන සැලසුම දැනටමත් සකස් කර අවසන් කර තිබේ. ඒ පිළිබඳව වන අවසන් ඇගයීමේ අධ්‍යනය මෙම දිනවල සිදු කෙරෙමින් පවතී.

මෙම අවසන් ඇගයීම ඉදිරි දෙමස තුළ අවසන් කර, ආයෝජන කමිටුවට භාර දීමට නියමිතව තිබේ.

ලංකාව තුළ මේ වන විට දේශිය සහ විදේශීය ආයෝජන රැුසක් ඉතා කඩිනමින්, සාර්ථකව දියත් කෙරෙමින් පවතී. මෙම තත්වය මෙරටට විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීමටත්, ආයෝජකයන් ශ‍්‍රී ලංකාවට නැඹුරු කර ගැනීමටත් මහත් පහසුවක්ව තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

දැනටමත් ක‍්‍රියාත්මක කෙරෙන ආයෝජන සංවර්ධන ව්‍යාපෘති සියල්ල අදියර තුනකින් නිරන්තරවම විමසීමකට ලක් කෙරෙමින් පවතී.

ඒ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කීරීමට පෙර සිදු කරන පූර්ණ පරීක්ෂාව, ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරමින් තිබෙන විට සිදු කරන පූර්ණ පරීක්ෂාව සහ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු සිදු කරන පූර්ණ පරීක්ෂාවයි.

මෙම තත්වය ආයෝජකයන්ට මහත් පහසුවක් ගෙන දී තිබෙන බව ආයෝජකයන්ගේ පිළිගැනීම වී තිබේ.

එසේ ම මෙම ක‍්‍රියාවලිය තුළ ආයෝජකයන් වඩාත් සුරක්ෂිත සහ ඉහළ පිළිගැනීමකට ලක් වී තිබේ.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 28 වන දින බත්තරමුල්ල, සුහුරුපායේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ‍්‍රවනාගාරයේ පැවති අමාත්‍යාංශයට අයත් ආයතන කිහිපයක ප‍්‍රගති සමාලෝචන රැස්වීමක දී මෙම තොරතුරු අනාවරණය විය.

 667 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply