යහපාලන සමයේ පෞද්ගලික බලාගාර හිමියන් අල්ලස් දී විදුලි ව්‍යාපෘති කඩාකප්පල් කළා!

පෞද්ගලික ඩීසල් බලාගාරවලින් රුපියල් කෝටි දසදහසකට අධික විදුලි ප්‍රමාණයක් වාර්ෂිකව විදුලිබල මණ්ඩලය මිලදී ගන්නා නිසා එම බලාගාර හිමියන් යහපාලන කාල සීමාවේදී විවිධ පාර්ශ්වවලට අල්ලස් දෙමින් යෝජිත විදුලි ව්‍යාපෘති කඩාකප්පල් කර දැමූ බව විදුලි ඉංජිනේරුවෝ හෙළි කර සිටිති.

ඉකුත් යහපාලන කාල සීමාවේදී එකදු බලාගාරයක් හෝ ඉදි නොකර ගල් අගුරු හා එල්.එන්.ජී විදුලි ව්‍යාපෘතිද අහෝසි කර දැමුවේ එවැනි අල්ලස් ගත් අය බවද ඔවුහු කියා සිටිති.

ඩීසල් බලාගාරයකින් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ සාමාන්‍ය වියදම රුපියල් තිහකට වැඩිය. ජල විදුලි ඒකකයක් මිලදී ගන්නේ රුපියල් 2.50ක් වැනි සුළු මුදලකටය. ගල් අගුරු බලාගාරයෙන් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් දහයක් වැනි සාමාන්‍ය මුදලකි.

මෙරට විදුලි අවශ්‍යතාව සපුරාලීමේදී අනිවාර්යයෙන්ම පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට සිදුවී ඇත්තේ යෝජිත විදුලි ව්‍යාපෘති සෑම ආණ්ඩුවක් යටතේම දිගින් දිගටම පමා කිරීම නිසාය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ සමයේදී මෙගොවොට් නවසියයකින් යුත් නොරොච්චෝල ගල් අගුරු බලාගාරය සහ මෙගොවොට් එකසිය පනහක ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි කළ බව ඉංජිනේරුවෝ සිහි කළහ.

එනිසා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව සැලසුම් කරන කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විදුලි ව්‍යාපෘති සැලසුම් කඩාකප්පල් කරන විදුලි මාෆියාවට එරෙහිව ආණ්ඩුව වහා පියවර ගත යුතු බවද විදුලි ඉංජිනේරුවෝ අවධාරණය කර සිටිති.

 399 total views,  20 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply