සැප බස් තුනක් කොළඹ එද්දී හසුවේ – මගීන් තිදෙනෙක්ටම කොවිඩ්!

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු සුඛෝපබෝගී බස් රථ තුනක රියදුරන් සහ කොන්දොස්තරවරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

යුද හමුදා බාධකයක දී බස්රථ පරීක්ෂා කර ඇති අතර පළාත් සංචරණය සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බව එහිදී හෙළිව තිබුණා.

බස්රථවල ගමන් ගත් මගීන්ගේ ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර තිදෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව එහිදී හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

ආසාදිතයින් කරදියනාරු රෝහලට ඇතුළත් කර ඇති අතර රියදුරන් හා කොන්දොස්තරවරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 969 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply